නාඩගම් කලාව
සංස්කෘත භාෂාවෙහි නාටක නම් වචනයක් පවති. මෙම නාටක නම් වචනය දෙමළ භාෂාවෙන් උච්චාරණය කරන විට "නාඩ ගම්" ලෙස ශබ්ද වී ඇත. මෙය සිංහල භාෂාවට පැමිණි විට නාඩගම් බවට පත්වී ඇත. ඒ අනුව නාඩගම් යනු බටහිර මුහුදු බඩ ප්‍රදේශවල වඩාත් ප්‍රචලිත ශ්‍රී ලංකාව තුළ පැවැති ගැමි නාටක විශේෂයක් ලෙස හඳුනාගැනීමට හැකි ය. නාඩගම් කලාව ප්‍රචලිතව පැවති ප්‍රදේශ ලෙස කොළඹ, වැලිගම, මාතර, යාපනය, තංගල්ල, හලාවත වැනි ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ බඩ ප්‍රදේශ දක්වන්නට හැකි ය.
නාඩගම් කලාවෙහි ප්රභවය පිළිබඳ පවතින පිලිබඳ පවතින විවිධ මත වාද පහත් අයුරින් හඳුනා ගැනීමට පුළුවන.
1. දක්ෂිණ භාරතයේ පැවති "තෙරික්කූත්තු" හෙවත් වීදි නාටක ආභාසය ලබමින් මෙරට නාඩගම බිහිවූ බව.
2. මහනුවර හා කෝට්ටේ රාජධානිවල ඇතිවූ ඇති වූ ද්‍රවිඩ බලපෑම හේතු කොටගෙන ඉන්දීය ගැමි නාටක විශේෂයක් වූ නාඩගම ලංකාවේදී ප්‍රචලිත වූ බව.
3. පෘතුගීසි ජනවන්දනා නාටක ආභාෂය ලබා බිහි වී ව්‍යාප්ත වූ බව.
ශ්‍රී ලංකාවේ පැරණිතම නාඩගම් වන්නේ හරිස්චන්ද්‍ර නාඩගම යි. එය නිෂ්පාදනය කරනු ලැබුවේ "ආන්ද්‍රා දේශීය අලගයිනාද" නම් නාට්‍ය රචකයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නාඩගම රචනා කරනු ලැබුවේ කොළඹ ප්‍රදේශයේ කම්මල් කරුවෙකු වූ පිලිප්පු සිඤ්ඤෝ විසිනි. මේ අනුව නිර්මාණය වූ ප්‍රථම සිංහල නාඩගම ලෙස 1824දී රඟදැක්වූ "ඇහැලේපොළ" හෙවත් සිංහලේ නාඩගම හදුනාගන්නට පුළුවන.
ශ්‍රී ලංකාවේ නාඩගම් ශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ.
1.පිලිප්පු සිඤ්ඤෝ : ඇහැලේපොළ, සිංහවල්ලි, ශාන්ත ජෝෂප්, මතලන්, සෙනගප්පු, රජ තුන් කට්ටුව.
2. මෝදර පෑලිස් අප්පුහාමි : මියුලින්, මිලිනා, පවුර.
3. වි ක්‍රිස්තියන් පෙරේරා : බැලසන්ත නාඩගම, බ්‍රම්පෝඩ් නාඩගම.
4. ගල්කිස්සේ හෙන්ද්‍රික් අප්පුහාමි : රංගවල්ලී, මැරිනා, කාංචි.
5. පීරිස් ඉයුජින් : දඹදෙණි කතාව, දිනකර
මීට අමතර ව හඳුනාගත හැකි නාඩගම් ශිල්පීන් ලෙස, 1.ජෝන් මර්තීනුස්.
2.පවුලස් පීරිස් සමරනායක.
3. මිහිඳු කුළසූරිය.
4. ගාබ්‍රියල් ප්‍රනාන්දු.
5. හෙන්ද්‍රික් රාජපක්ෂ.
6. ස්ටීවන් සිල්වා.
7. සයිමන් සිල්වා.
8. එල්. මරියාන් ප්‍රනාන්දු.
9. ජුවානිස් පෙරේරා.
10. එම්. ඩි. සිල්වා.
නාඩගමක් ඉදිරිපත් කරනු ලබන්නේ කොටස් දෙකක් ලෙසිනි. එනම් පූර්ව රංගය සහ අපර රංගය ලෙස ය. පූර්ව රංගය තුළ පොතේගුරු, බහුබූතයා, සෙල්ලන් ළමා, දේශනවාදීන්, බෙරකරුවන්, හඬ දූතයින්, රජු සහ අමාත්‍ය මණ්ඩලයේ පැමිණීම සිදු වේ. මොවුන් ස්ථාවර පාත්‍රයෙන් ලෙස හඳුන්වයි. අනෙක් කොටස වන්නේ අපර රංගය යි. මෙහිදී නාඩගම් කතා පුවත ඉදිරිපත් කිරීම සිදුවේ.
සෑම නාඩගමක් තුලම ස්ථාවර පාත්‍රයන් පහත් පරිදි රංග භූමියට අවතීර්ණ වේ.
1. පොතේගුරු : බුදුන් දෙවියන් ඇතුළු සියලු ප්‍රේක්ෂකයින්ගෙන් අවසර ගැනීම හා ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම, තෝඩායම/ පොතේ සින්දුව/ පූර්ණ විරිදුව ගායනා කිරීම මොහුගේ කාර්යය වේ.
2. බහුබූතයා : විහිළුකාරයෙක් ලෙස බහුභූත ඉන් එකෙකු හෝ කිහිපදෙනෙකු දැක බලා ගැනීමට හැකිවේ. බහුබූතයා, කෝලමා, කෝණංගියා,කොමලිය යන නම් වලින් ද මොවුන් හඳුන්වනු ලබයි.
3. සෙල්ලන් ළමා : සෙල්ලන් ළමා යනු භාෂා ප්‍රවීණයකු ලෙස සූසැට කලා දන්නා පණ්ඩිතයකු ලෙස හඳුන්වයි. සෙල්ලම් පිල්ලෙ ලෙසද හඳුන්වන මොහු බහුශ්රැතියා ලෙස ද ඇතැමුන් විසින් හඳුන්වනු ලබයි.
4. දේශනවාදීන් : මොවුන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත නාඩගම පිළිබඳව පිළිබඳව විස්තර කිරීම සිදුකරනු ලබයි.
5. බෙරකරුවන්/ හඬ දූතයින් : දැන් කරළියට පැමිණ හඬගා කියනු ලබන්නේ ඇමති මණ්ඩලය හා රාජු කරළියට සැපත් වන බවයි.
පූර්ව රංගය තුළ මෙම ස්ථාවර පාත්‍රයෙන් ගේ පැමිණීමෙන් පසුව අපර රංගය ආරම්භ වීම සිදු වේ.
නාඩගම් රංග ශෛලිය
1. පූර්ව රංගයක් සහ අපර රංගයක් තිබීම.
2. දක්ෂිණ භාරතීය කර්ණාටක රාග තාල අනුව සංගීතය හා ගීත නිර්මාණය.
3. පොතේගුරු හා ගායක කණ්ඩායම හරහා නාට්‍ය ඉදිරියට ගලා යෑම.
4. නාඩගම් කතාව එක දිගට දින 3-7 අතර කාලයක් රඟදැක්වීම.
5. කාන්තා චරිත ඇතුළුව සියළු චරිත පිරිමින් විසින් රඟදැක්වීම.
නාඩගම් සංගීතයෙහි ඇති විශේෂතා.
කර්ණාටක සංගීතය හෙවත් දකුණු ඉන්දීය ආභාසය ඇත. තාල වාද්‍ය භාණ්ඩය ලෙස මද්දලය යොදාගත් අතර මද්දල් දෙකක් එකවර වැවීම වැවීම විශේෂයකි. එකකින් අඩු තාල ද අනිකෙන් වැඩි තාල ද වාදනය කරයි. මද්දල් කරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා වැයීම මෙහිදී විශේෂ වේ. නාඩගම් ගීතවල ස්වර වාද්‍ය භාණ්ඩ භාවිතා නොවූ අතර මද්දලයේ හඬ ශ්රැතියක් ලෙස ගෙන ගීත ගායනා කර ඇත. නළුවාට සහය පිණිස අත්වැල් ගායක කණ්ඩායමක් සිටීම ද මෙහිදී දක්නට ලැබුණු තවත් විශේෂ ලක්ෂණයකි.
නාඩගම් තුළ වාදනට කරනු ලබන මද්දල් තාලයන් ලෙස,
*වාපු
*පසන්
*තංගපාට
*වඩිමුඩු
*තිර්ලානා, යන තාල හදුනා ගත හැක.



👏👏
ReplyDelete